FAST NEWS

24×7 Around the Globe

STF ආරක්ෂාව මැද බැකෝ දමා හෑරු ඉඩමේ අයිතිකාර මහින්දගේ ආරක්ෂකයා මෙන්න.(ඡායා රූප)

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන නෙවිල් වන්නිආරච්චිගේ නමට මැදමුලන අත්තනයාල ප්‍රදේශයේ ඇති විශාල ඉඩමක් මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ආරක්ෂාව මැද බැකෝ යන්ත්‍ර යොදාගනිමින් කැනීම් කටයුතු කිහිපයක් සිදුකරමින් පවතින බව වාර්තා වේ.

පසුගිය ආණ්ඩුව සමයේ මහා පරිමාණ මූල්‍ය වංචා හා පොදු දේපළ අයතා පරිහරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කණ්ඩායම් අනාවරණය කරගත් තොරතුරු කිහිපයක් මත අත්‍යාවශ්‍ය සාක්ෂි කිහිපයක් සොයා ගැනීම සඳහා මෙම කැනීම් සිදුකරන බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ස්ථානයට මාධ්‍ය වේදීන්ද පැමිණ ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.