යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් CSN නාලිකාව සම්බන්ධ ආණ්ඩුවකට පැටලිලා මේ වන කොට ඉන්නේ හිර ගෙදර.
මේ ගැන පහුගිය දවසක යෝශිතගේ වැඩිමහල් සහෝදරයා වන නාමල් රාජපක්ෂ පුවත්පතකට අපුරු ප්‍රකාශයක් කරලා තිබුණා.
ඒ තමයි යෝෂිත සී.එස්.එන්. එකට නිතරම ආවේ ගියේ එයාගේ ගෑණු ලමයා හිටපු හින්දයි කියලා.
මේ කතාවේ ඇත්ත නැත්තනම් කොහොමද දන්නේ නැ..
මෙන්න මෙහෙම තමයි නාමල් උත්තර දීල තිබුනේ.
ඇත්තටම සී.එස්.එන්. එක යෝෂිත රාජපක්ෂගෙ නෙවෙයිද? එයාට මේකෙ කිසිම සම්බන්ධයක් ඇත්තෙ නෑ කියලද කියන්නේ?
යෝෂිත කලින් බදින්න ඉඳපු ළමයා ඒකෙ වැඩ කළා. එයාගෙ යාළුවො කීප දෙනෙකුත් ඒකෙ කටයුතු කෙරුවා. අපි ඕන දේකට උදවු කරනවා වගේ අපි ඒකටත් උදවු කෙරුවා. තමන්ගේ හිතවතෙකුට හරි හිතවතියකට හරි උදවු කරන එකත් වරදක්ද? යෝෂිතගෙ ගෑණු ළමයා හිටපු හින්දා තමයි යෝෂිතත් අපිත් ඔතෙන්ට නිතරම යන්න එන්න ගත්තේ.









