FAST NEWS

24×7 Around the Globe

CSN ඇත්තටම යෝෂිතගේද?

යෝෂිත රාජපක්ෂ මහතා CSN නාලිකාවේ සක්‍රිය කාර්යභාරයක නියැළුණු බව තහවුරු කළ හැකි කරුණු කිහිපයක් දුෂණ විරෝධී පෙරමුණ පසුගියදා අනාවරණය කලා.

1. ක්‍රීඩා අමාත්‍යංශයේ එවකට සිටි ස්ථිර ලේකම් වරයා විසින් (ගනේගල මහතා) යෝෂිත රාජපක්ෂ මහතාට යොමු කළ කැබිනට් පත්‍රිකා අංක 05/12/2011
2. CSN නාලිකා පරිශ්‍රෙය් වායු සමීකරන යන්ත්‍ර සවිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් යුනයිටඩ් ඉලෙක්ට්‍රිකල් එන්ජිනියරින් සමාගම වෙනුවෙන් නිහාල් නානායක්කාර මහතා ඒ සඳහා වන ගිවිසුම අත්සන් කොට ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟය.
3. CSN නාලිකාව සමඟ අලෙවිකරන කටයුත්තකට රිචර්ඩ් සොයිසා මහතා එළැඹුන ගිවිසුම.

CSN සමාගම ලියාපදිංචි කිරීමේ දී ලිපිනයන් දෙකක් ලබාදී තිබේ.

අංක 21 , ජනාධිපති මාවතේ පිහිටි සෙමා ගොඩනැගිල්ල (මෙය රජයේ දේපළකි).
260/2 , ටොරින්ටන් ඇවිනියු කොළඹ 07.නිවස. මෙම නිවස මහින්ද රාජපක්ෂ මහතා වර්ෂ 2000 දී පදිංචි වී සිටි නිවස වන අතර රාජපක්ෂ පවුල සතු “සිරිලිය සවිය“, සහ වෙනත් පදනම් ද මෙම ලිපිනය තුළ ලියාපදිංචි කර තිබේ.

කරුණු එසේ නම් CSN නාලිකාව පදනම් කරගෙන යෝෂීත රාජපක්ෂ මහතා ඇතුළු තවත් පිරිසක් අධිකරණය වෙත ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත් කිරීම දේශපාලන පළිගැනීමක් හෝ වෛරී දේශපාලනයක ප්‍රතිඵලයක්ද?