FAST NEWS

24×7 Around the Globe

මෙතෙක් ඔබ නොදැන සිටි විශේෂ දෙයක් ගයන්ත හෙළි කරයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුල බුද්ධාගම අදහන දෙමල පුරවැසියන් 22, 254ක් සිටින බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි කළා.

ඒ මන්ත්‍රීවරයකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. එමෙන්ම මෙරට තුල දෙමල කතා කරන භික්ෂුන් වහන්සේලා 11ක් පමණ සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් හෙළිකළේ.

මෙම දත්ත වාර්තා හෙළි කලේ 2012 සංගණන වාර්තාවලට අනුවයි. මෙම දෙමල බෞද්ධ පුරවසියගෙන් 22, 254න් 470ක් පමණ වාසය කරන්නේ උතුරු පළාතේ බවයි අමාත්‍යවරයා පැවසුවේ