FAST NEWS

24×7 Around the Globe

එජාප මන්ත්‍රී කාවින්දගෙන් රේල්ලුවට පොල්ලක් ?

එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඉකුත් පෙබරවාරි 01 හා 02 දිනයන්හිදී මගීන් 1000 ක් වෙනුවෙන් මැදිරි 11 කින් සමන්විත දුම්රියක් ජා-ඇල සිට මඩු දක්වා යාමට සහ ඒමට මුදල් ගෙවීමකින් තොරව ලබාගෙන ඇති බවට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය චෝදනා කර සිටී.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකරන ලෙසද එම සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිපියක් ලියමින් ඉල්ලා සිටී.

මන්ත්‍රීවරයා සිය දේශපාලන බලය යොදා ගනිමින් මේ මුදල් ගෙවීම පැහැර හැර ඇති බවද අදාළ ලිපියේ දැක්වේ.

මෙම විශේෂ දුම්රිය ධාවනය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 1,111,110/=ක මුදලක් හා ඇප මුදල් වශයෙන් රුපියල් 10,000/= ක මුදලක් අහිමිව ඇති බවද පැවසේ.

එසේම ඉහල දුම්රිය බලධාරීන් මේ ආකාරයේ විශේෂ දුම්රියක් වෙන්කිරීමේදී අනුගමනය කළයුතු දෙපාර්තමේන්තු ක්‍රමවේදයට සමපූර්ණයෙනම පටහැනිව කටයුතු කර ඇති බවද ලිපියෙන් දක්වා ඇත.

මෙය බරපතල මූල්‍ය වංචාවක් බවද එම සංගමය කියා සිටී.

වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ පුත්‍රයාය.

සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා මහතාට යවන ලද ලිපිය පහත දැක්වේ.

KavindaLetter 600px 16 03 2