FAST NEWS

24×7 Around the Globe

‘පාර්ලිමේන්තුව විසුරුවා හරින්න’ කථානායක පවසයි .

පාර්ලිමේන්තුවේ අද (3) විශේෂ සැසිවාරයේදී ව්‍යවස්ථාදායක සභාවේ නම් කිහිපයකට අනුමැතිය දීමේ යෝජනාව ඉදිරිපත් වන්නට පෙර ඇතිවූ තත්ත්වයක් මත පාර්ලිමේන්තුව විසිරුවන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් නැගී සිටියහ.

කථානායක චමල් රාජපක්ෂ මහතාද කියා සිටියේ තමාද ඔවුන්ගේ මතයේ සිටින බවයි. පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ටික වේලාවකට කල් තැබිණ.