FAST NEWS

24×7 Around the Globe

විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සචින් සුපිරි අනාවැකියක් තබයි.

මාර්තු මාසයේ 08 වන දින ඉන්දියවේදි ආරම්භ වීමට නියමීත 2016 විස්සයි විස්ස ලෝක කුසලානයේ කුසලානය සිය රටට හිමීකර ගැනීමට හැකියාවක් පවතින බව හිටපු ඉන්දීය සුපරි ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් අනාවැකි පළ කර සිටින බව ක්‍රිකට් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

පසුගියදා ඔස්ටේලියාව සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරලාවලිය තුනට බින්දුවක් ලෙස ඉන්දීයානු කණ්ඩායම ජය ගැනීමම එයට ප්‍රමාණවත් සාක්ෂියක් බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.

එසේම එම තරගාවලි ජයග්‍රහණය සමග විස්සයි විස්ස කණ්ඩායම් වර්ගීකරණයේ පළමු තැනට පත්වීම පිළිබදව ඔහු සතුට පල කර සිටියි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීයානු කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇති බව තමන් විශ්වාස කර සිටින බවද සචින් තෙන්දුල්කාර් වැඩි දුරටත් අවධාරණය කර ඇත.