FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට අලුත්ම තහනමක්.

විදෙස් තරග සංචාර සඳහා සහභාගීවන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ට නව කොන්දේසියක් පනවා තිබෙනවා. ඒ, එම සංචාරවලදී පුද්ගලික නිවාසවල පවත්වන සාද, ප‍්‍රිය සම්භාෂණ හෝ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයන්ට සහභාගීවීම තහනම් කරමින්.

ඉකුත් දා නවසීලන්තයේ පැවති ක‍්‍රිකට් තරගාවලිය අතරතුර ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සහභාගී වු එක්තරා සාදයක් පිළිබඳ විවිධ වාර්තා පළවුණා. ඒවායේ දැක්වුණේ එම සාදයේදී ඇතැම් ක‍්‍රීඩකයින් මත්පැන් පානය කර තිබූ බවයි. ඊට පසුදින පැවති නවසීලන්තය සමග පැවති පන්දුවාර විස්ස තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජය වූ අතර ඊට මෙම සාදයද හේතුවක් වූ බවටයි එම වාර්තාවල දැක්වුණේ. පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක්ද කැඳවූ අතර ඉන් පසුව මෙවැනි තීරණයක් ගත් බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට සහභාගී විය හැක්කේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන සාදවලට පමණක් බවයි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ.