FAST NEWS

24×7 Around the Globe

අපේ ජාතික පෙරමුණට එජාපය හා සන්ධාන ගත වීමට අද බෑලු .

සේනකද සිල්වා මහතා සභාපති ධූරය දරණ අපේ ජාතික පෙරමුණ ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යාම සඳහා එක්සත් ජාතික පෙරමුණ සමඟ සන්ධානගතවීමට අද (03) අත්සන් නොතබන බව අපේ ජාතික පෙරමුණ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අපේ ජාතික පෙරමුණ අද එජාපෙ සමඟ සන්ධානගතවීමට අත්සන් නොතබන්නේ ඉදිරියේදී අමාත්‍ය රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක යන පිරිස ඇතුළු දේශ හිතෛෂී පක්ෂ කිහිපයක් සමඟ එජාපෙ සෑදීමට සූදානම් වන පුළුල් සංධානය ගොඩනැගීමට යන අවස්ථාවේ අත්සන් කිරීමට බවද වාර්තා වේ.

සේනක ද සිල්වා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ හිටපු ලේකම්වරයාය.