FAST NEWS

24×7 Around the Globe

ඩිල්ෂාන්ගේ ටෘප්ස් සුපිරි ලෙස පාරාජය කළ මීලින්දගේ කොමාන්ඩොස් අවසන් තරගයට.

අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගයෙන් මීලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් කලම්බෝ කොමාන්ඩොස්  කණ්ඩායම කඩුලු 06 ක විශිෂ්ඨ ජයක්  ලබා ගැනීමට සමත් විය.

කොමාන්ඩොස් නායක මීලින්ද සිරිවර්ධනගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ටී.එම් ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට ටෘප්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 164ක් ලබා ගත්හ.

පිළිතුරු ලෙස ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය කොමාන්ඩොස් කණ්ඩායම පන්දුවාර 16 කදී ලකුණු 169 ක් ලබා ගනිමීන් අවසාන තරගයට සුදුසුකම් ලැබීමට සමත් වුහ.

එ අනුව  පෙබරවාරී 05 දින පැවැත්වෙන අන්තර් පලාත් විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය සඳහා කලම්බෝ කොමාන්ඩොස් කණ්ඩායම සමත්ව සිටියි.

ලකුණු පුවරුව පහතින්…..

Capture 01 Capture 02