FAST NEWS

24×7 Around the Globe

ජැනට් ජැක්සන්ට උගුරෙ අවුලක්.

පොප් ගී ලොව රජු ලෙස රසික ජනතා සම්මානය දිනූ නැසීගිය මයිකල් ජැක්සන්ගේ නැඟණිය, ජැනට් ජැක්සන් පසුගිය 24 දා සිට ලොව පුරා රටවල් රැසක ගී ප්‍රසංග මාලාවක් ඇරැඹීමට සැලසුම් කර තිබුණා. නමුත් එය හදිසියේම අවලංගු කරන්නට සිදුවෙලා.

ජැනට්ගේ උගුරෙහි හටගත් ආබාධයක් සුව කිරීමට ඇයට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත වූ නිසයි එම ප්‍රසංග මාලාව 24 දා ඇරැඹීමට නොහැකි වුණේ.

‘අන්බ්‍රේකබල්’ නම් වූ එම ප්‍රසංග මාලාව ජූලි 15 දා ඇරැඹෙන බව සංවිධායකවරු, ජැනට්ගේ වෙබ් අඩවිය ඔස්සේ නිවේදනය කර තිබුණා.

වෛද්‍යවරු ජැනට් හට උපදෙස් දුන්නේ විවේක ගන්නා ලෙසයි. කෙසේ වෙතත් ජූලි 15 දා දිනය නැවතත් වෙනස් කළ බවයි පසුව ආරංචි වුණේ.
අලුත්ම පුවතක සටහන් වුණේ ‘අන්බ්‍රේකබල්’ ලෝක සවාරිය මැයි 23 දා ඇරැඹෙන බවයි.