අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රුපියල් ලක්ෂ 1500 ක රජයේ මුදල් වැය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආර්ථක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගෙන් බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඉදිරි සති දෙක ඇතුළතදී ප්‍රශ්න කිරීමට නියමිතය.
මෙම සියලු ගුවන් ගමන් වියදම් රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් සඳහා පමණක් කළ ඒවා වීම විශේෂත්වයක් බව ජනාධිපති කොමිසම පවසයි.
ජනාධිපති කොමිසමෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන අන්දමට බැසිල් රාජපක්ෂ මහතා වසර දෙකක කාලසීමාවක් තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රුපියල් ලක්ෂ 1052 ක රජයේ මුදල් වියදම් කර ඇත.
මෙම අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි ප්‍රමාණයක් පසුගිය ජනාධිපතිවරණය සමයේ සිදුකළ ඒවා බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වසර පහක් තුළදී සිය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රුපියල් ලක්ෂ 500 කට වැඩි රජයේ මුදලක් වැයකර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන අතර ඉදිරි සති දෙක ඇතුළතදී බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව ජනාධිපති කොමිසම ආරංචි මාර්ග කියයි.
මේ අතර, අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සභාපතිත්වය දරන බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ පරීක්ෂණ පවත්වන පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පුළුල් බලතල පවරා ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.