FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ලෝකයේ හිනිපෙත්තටම.

මේ වන විට තාවකාලික පසුබිමක සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වරක් ලෝකයේ ප්‍රමුඛතම ක්‍රිකට් කණ්ඩායම් අතරට එක් කිරීම සිය බලාපොරොත්තුව බව ඊයේ (02) කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පැවසීය.

සිය මාස 45 ක ගිවිසුම් කාලය අරම්භ කරමින් පසුගිය සදුදා ඔහු දිවයිනට පැමිණියේය.

තමන් 2012 වසරේ සිට 2014 වසර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ලබා ඇති අත්දැකීමෙන්  මෙරට දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් සිටින බව තමන්ට පැවසිය හැකි බවයි ග්‍රැහැම් ෆෝඩ් මෙහිදි සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනැගීමේ වගකීම තමන් බාර ගන්නා බව කියා සිටි නව පුහුණු කරු එය විශාල අභියෝගයක් වනු ඇති බවද ඒ සඳහා යම් කාලයක් ගත විය හැකි බව ද පෙන්වා දුන්හ.

මේ නිසා සියලු පාර්ශවයන් ඉවසීමෙන් කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඇතළු හිටපු ක්‍රීඩකයන් සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමන් මෙම තනතුර බාර ගත් බවත් ඔහු කියා සිටියේය.