FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය හැදෙන තැන මෙන්න

සංචාරක ආකර්ශණීය ස්ථානයක් වශයෙන් ගැනෙන නුවරඑළිය නගරයේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි.

මේ සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම නුවරඑළිය මහ නගර සභා ගොඩනැගිල්ලේදී සිදු කෙරිණි.

චීන සමාගමක් මගින් මෙය ක‍්‍රියාත්මක කරන්නේ එයිට්කන් ස්පෙන්ස් සමාගම හා නුවරඑළිය
මහ නගර සභාවේ සහය ඇතිවය.

නුවරඑළිය සින්ගල් ට‍්‍රී කඳු මුදුනේ සිට ග්‍රෙගරි වැව් ඉස්මත්ත දක්වා ද ඉන්පසු නානුඔය දුම්රිය ස්ථානය දක්වාද කිලෝමීටර් හයක දුර ප‍්‍රමාණයක කේබල් කාර් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ.

අමෙරිකානු ඩොලර් බිලියන පනහක් හැටක් අතර මුදලක් මේ සඳහා වැයකෙරේ.

පෙබරවාරි මාසයේ 20 දින මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරෙන අතර මාස හයකින් නිම කිරීමට බලාපොරොත්තුවේ.