මෙවර නිදහස් උළෙලේදී ජාතික කොඩිය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමට තීරණය කර තිබීම ව්‍යවස්ථා විරෝධී බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට හැකියාවක් පවතින ක්‍රියාවක් බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය ‘ශ්‍රි ලංකා මාතා’බවත්,1987 න් පසුව ඊට ද්‍රවිඩ භාෂා අනුවාදයක් එක්වූ බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.
බහු භාෂාවන් ක්‍රියාත්මක වන කැනඩාව, නවසීලන්තය වැනි රටවල ජාතික ගී භාෂා කිහිපයකින් ගායනා කරනු ලබන්නේ විවිධ හේතු ගණනාවක් හේතුවෙන් බවත්, ලංකාවේ එවැනි තත්ත්වයක් දක්නට නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
භික්ෂු කතිකා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත යොමුකර ඇති බවත්, එකී තීරණය කුමක්දැයි කථානායකවරයා විසින් පෙබරවාරි 06 වන දින පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත්කරනු ඇති බවත් ඔහු සිහිපත් කළේය.
ජාතික හෙළ උරුමයද ප්‍රමාද වී හෝ මෙම භික්ෂු කතිකා පනත් කෙටුම්පතට එරෙහිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් තම කෘතඥතාව පළකරන බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.