FAST NEWS

24×7 Around the Globe

මර්වින් රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි.

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකොට රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම පළිගැනීම් සිදු වන්නේ නම් තමන් නිහඬව නොසිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඔහු සඳහන් කර ඇත්තේ ගිරුවාගම්දොලොස්දාහේ මාගම්පත්තුවේ උපන් කෙනෙක් ලෙසත් රාජපක්ෂවරුන් සමග දේශපාලනය ඇරඹු කෙනෙක් ලෙසත් එවැනි අවස්ථාවක ඇහැ කන පියාගෙන සිටිය නොහැකි බවයි. අවශ්‍ය අවස්ථාවක ජනතාව සමග නැගී සිටින බවද ඔහු ප්‍රකාශ කර ඇත.
පියෙකු ලෙස තම දරුවෙකු විපතකට පත් වූ පසු ඇති වන සංවේගය තමන් අත්විඳ ඇතැයිද මර්වින් සිල්වා මහතා සඳහන් කළා. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවකට එරෙහිවිය නොහැකි බවයි ඔහු පැවසුවේ. තමන්ට කුමන ප්‍රශ්නයක් ඇති වූවද දීර්ඝ කාලයක සිට දන්නා හඳුනන රාජපක්ෂවරුන්ට විපතක් ඇති වන අවස්ථාවකදී සංවේගයට පත්වන බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා සමග පසුගිය මැතිවරණයෙන් පසු මෙතෙක් කතා නොකළ බවද ඔහු කියා සිටියා.
යෝෂිත රාජපක්ෂ මහතා බැලීමට මෙතෙක් බන්ධනාගාරයට නොගිය බවද මර්වින් සිල්වා මහතා පැවසුවා. තමන් යම් තැනකට යන්නේ නම් යන්නේ ආපසු හැරී ඒමට නොවන බවද ඔහු අවධාරණය කළා.