FAST NEWS

24×7 Around the Globe

අයි.පී.එල්. වෙන්දෙසියට ඇතුලත් ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව මෙන්න.

අයි.පී.එල්.  2016 තරගාවලියේ වෙන්දේසිය සඳහා නම් කෙරුණු ක‍්‍රීඩකයින් සංචිතයට ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව සිටිති.

මහේල ජයවර්ධන , ලහිරු තිරිමාන්න, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, සචිත‍්‍ර සේනානායක සහ දුෂ්මන්ත චමීර ඔවුන්ගෙන් කිහිපදෙනෙකි.

තිලකරත්න ඩිල්ෂාන් , තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක යන ක‍්‍රීඩකයින් ද ඒ අතර වේ.

මිලින්ද සිරිවර්ධන , ඉසුරු උදාන, ඩිල්ෂාන් මුණවීර සහ සීකුගේ ප‍්‍රසන්න මීළඟ අයි.පී.එල්. වෙන්දේසියට නම් කර ඇති අනෙක් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් කිහිපදෙනා වේ.

මෙම වෙන්දේසිය සඳහා නම් කර ඇති මුළු ක‍්‍රීඩකයින් ගණන 351 දෙනෙක්. ඔවුන්ගෙන් 230 දෙනෙකු ඉන්දියානුවන් වන අතර, විදේශීය ක‍්‍රීඩකයින් සිටින්නේ 121 දෙනෙකු පමණක් වේ.

ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයින් 29 දෙනෙකු , බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයින් 20 දෙනෙකු, දකුණු අප‍්‍රිකානුවන් 18 දෙනෙකු , නවසීලන්ත ක‍්‍රීඩකයින් 9 දෙනෙකු, එංගලන්ත ක‍්‍රීඩකයින් 7 දෙනෙකු සහ බංග්ලාදේශ ක‍්‍රීඩකයින් 5 දෙනෙකු ද ඒ අතර වේ.