FAST NEWS

24×7 Around the Globe

යෝෂිත ඇතුළු සිව්දෙනා ආහාර නොගැනීමට තීරණය කරයි.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනා බන්ධනාගාරයෙන් ආහාර නොගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ සිට දිනකට වේල් තුනටම ආහාර නිවෙස්වලින් ගෙන්වා ගැනීමට අවසර ඉල්ලා තිබුණු අතර එයට අවසරය ලබා දී ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත් රාත‍්‍රී ආහාර වේල සවස 4.00ට පෙර බන්ධනාගාරයට රැගෙන විත් භාරදිය යුතු වනවා.

යෝෂිත රාජපක්ෂ මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන්.

කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් සෙනසුරාදා අදාළ නියෝගය ලබාදුන්නා. ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා.