හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා නාවික හමුදාවේ ලඝු නඩු විභාගයකට (Summary trial) ගෙන ඒමට කටයුතු කරගෙන යන බව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.
යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය කාලයේ ජනාධිපති කාර්යාලයට අනුයුක්තව සිටියදී නාවික හමුදාපතිවරයාගේ අවසරය නොගෙන තම අභිමතය පරිදි විදේශ සංචාරවල යෙදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වහාම විනයානුකූල පියවර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශය නාවික හමුදාපතිවරයාට දැනුම් දී තිබේ.
ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා එම කාලයේ දී අවස්ථා ගණනාවක්ම නාවික හමුදාපතිවරයාගේ අවසරය නොලබා විදෙස් සංචාරවල යෙදී ඇත.
එම සංචාරවල දී නාවික හමුදාපතිවරයාගේ අවසරය ලිඛිතව ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ආරක්ෂක අංශවල තිබේ.
එහෙත් යෝෂිත රාජපක්ෂ මහතා ලිඛිතව හෝ වාචිකවත් කිසිදු දැනුම්දීමකින් තොරව නිසි අවසරයක් නාවික හමුදාපතිවරයාගෙන් හෝ ඔහු අනුයුක්ත බළකායේ ඉහළ නිලධාරියකුගේ කිසිදු අවසරයක් ලබාගෙන නැති බව සිදුකර ඇති පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
එහෙත් අවස්ථා කිහිපයක්ම තම අභිමතය පරිදි යෝෂිත රාජපක්ෂ මහතා විදෙස් ගතවුවත් එවකට සිටි නාවික හමුදා ප්‍රධානීන් ඔහු සම්බන්ධව කිසිදු විනයානුකූල පියවරක් ගෙන නොමැති බව ද හෙළි වී තිබේ.
ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ මෙම ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර නාවික හමුදාවේ ආරක්ෂක නිලධාරින් විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වනු ලැබීය.
එම පරීක්ෂණ වාර්තාව ආරක්ෂක අමාත්‍යංශය වෙත යවා තිබූ අතර මීට සති කිහිපයකට පෙර ආරක්ෂකඅමාත්‍යංශය නාවික හමුදාපතිවරයාට දැනුම් දී තිබුණේ යෝෂිත රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද මෙම වැරදි සම්බන්ධව විනයානුකූල ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කියා සිටියේ, යෝෂිත රාජපක්ෂ අවස්ථා ගනනාවකම නාවික හමුදාවේ නීතියට පටහැණිව කටයුතු කර ඇති බවයි.
“ඔහු අවස්ථා 74ක විදේශ ගත වෙලා තිබෙනවා. නමුත් නාවික හමුදාවෙන් අවසර අරන් තියෙන්නේ 33 වතාවයි, එයින්ම පේනවා ඔවුන් නීතිය ගැන තැකූ හැටි” මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.
මීට අමතරව ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා විදේශ පුහුණුවකට යැවීම සඳහා රුපියල් කෝටි දෙකක පමණ මුදලක් රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධව එම මුදල් යෙදවූ පුද්ගලයන්ට එරෙහිව ද ආරක්ෂක අමාත්‍යංශය විසින් පුළුල් පරීක්ෂණ සිදු වෙමින් පවතී.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.