5 වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙලේදී, හොඳම සිනමාපටය හා හොඳම අධ්‍යක්ෂක යන ප්‍රධාන සම්මාන යුගලයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.
ඒ සමීර රංගනගේ සිනමා අධ්‍යක්‍ෂණයක් වූ ‘මෝටර් බයිසිකල්’ සිනමාපටය උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙසට පිදුම් ලැබුවා.
පටිභාන (Perception) සිනමාපටය අධ්‍යක්‍ෂණය වෙනුවෙන් රබින් චන්ද්‍රසිරි උළෙලේ හොඳම අධ්‍යක්‍ෂක ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. මෙම සිනමාපට ද්විත්වයම අදාල සිනමාවේදීන් දෙපළගේ කුළුදුල් සිනමා නිර්මාණයන් වීම විශේෂත්වයක් වනවා.
ඉහත සම්මාන ද්විත්වයට අමතරව ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීමට ‘Dreams,Weavers & Viewers’ නම් කෙටි සිනමාපටය අධ්‍යක්‍ෂණය කල නයනි සන්ධ්‍යා චන්ද්‍රසිංහ සමත් වුණා.
උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙසට පිදුම් ලැබු මෝටර් බයිසිකල් (Motor Bicycle) සිනමාපටය,දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර ඇතුළු ප්‍රවීන හා යොවුන් රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයෙන් සිනමාපටය හැඩ ගැන්වෙනවා.
මෝටර් බයිසිකල් සිනමාපටයේ දර්ශන ඇතුලත් ඡයරූප පහතින්











