FAST NEWS

24×7 Around the Globe

“සීකා” වලින් අපිට අවුලක් නැතිලු?

“සීකා” වෛරසය ශ්‍රී ලංකාවට තර්ජනයක්‌ වී නැති බවත් එවැනි රෝගීන් හඳුනාගැනීමේ ක්‍රමවේදයක්‌ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ තිබෙන බවත් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.

බ්‍රසීලයේ ශීඝ්‍රයෙන් පැතිර යන මෙම සීකා වෛරසය ඇමරිකානු මහද්වීපය පුරා පැතිර යාහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබුණි.

ඩෙංගු රෝග වාහක මදුරු විශේෂයක්‌ හරහා මෙම වෛරසය පැතිරෙන නිසා එය ව්‍යාප්ත වූ රටවල්වලට සංචාරකයන් පැමිණීම අඩුවෙනවා. අපේ රටේ මේ වෛරසය ව්‍යාප්තවීමක්‌ දක්‌නට ලැබෙන්නේ නෑ.

මෙම වෛරසය හේතුවෙන් මොළය ඌණ දරු උපත් සිදුවන බවට වාර්තා වුවත් එම දරු උපත්වලට හේතුව සීකා වෛරසය බව නිශ්චිතවම විද්‍යාත්මකව තහවුරු කර නැති බවද විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට පවසා තිබේ.