FAST NEWS

24×7 Around the Globe

නිතිය හා සාමය පිළිබද ඇමති කම මෙන්ම සරත් ෆොන්සේකාට එජාපයේ ඉහල තනතුරක්?

මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාහට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීමට තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
ප්‍රජතන්ට්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත‍්‍රීවරයකු ලෙස ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
ෆොන්සේකා මහතා මන්ත‍්‍රී ධුරය භාරගන්නා බව ඔහුගේ පුද්ගලික ලේකම් සේනක ද සිල්වා මහතාද මේ වන විට තහවුරු කර ඇත.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසුව ෆොන්සේකා මහතාට අහිමි වූ විශ‍්‍රාම වැටුප සහ සෙසු වරප‍්‍රසාද සියල්ල හිමි වූ අතර, ඔහු ෆීල්ඞ් මාෂල් ධුරයටද උසස් කරනු ලැබීය.
එමෙන්ම එජාපය යම් සංවිධායක හෝ නිල තලයක් ලබාදීම කෙරෙහිද එජාපය පැත්තෙන් යෝජනා වී ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
එජාප ජාතික සංවිධායක ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබා දිය යුතු බවටද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් යෝජනා කර ඇත.