FAST NEWS

24×7 Around the Globe

සමුගත් මයිකල් ක්ලාක් නැවතත් පිටියට.

තමා නැවතත් ක්‍රිකට් පිටියට පැමිණීමට සූදානම් බව හිටපු ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් සඳහන් කරයි. පසුගිය වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් මයික්ල් ක්ලාක් මේ මස 20දා-21දා  බටහිර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරගාවලියකදී  සිඩ්න් ග්‍රේඩ් කණ්ඩායම නියෝජනය කරමින් නැවතත් ක්‍රිකට් පිටියට පැමිණීමට නියමිතය.

ක්‍රිකට් ක්‍රීඩාව මගේ ලේවල තිබෙන දෙයක්. මම නැවතත් ග්‍රේඩ් කණ්ඩායමෙන් ක්‍රිකට් ආරම්භ කරනවා. බලමු හරියට කළොත් විකල්පයක් තිබෙනවා. මම ඉදිරියටත් හොඳින් පුහුණුවෙනවා. බලමු මොකද වෙන්නේ කියලා” යැයි 34 හැවිරිදි හිටපු ඔස්ට්‍රේලියානු නායකයා පවසයි.