FAST NEWS

24×7 Around the Globe

MCL 20 විස්ස පළමු තරගයේදීම සංගාගෙන් සුපිරි ඉනිමක්.

විශාමීක තරු රැසකගේ සභභාගිත්වයෙන් පැවැත්වෙන මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් පන්දුවාර විස්ස තරගාවලියේ ඊයේ (28) පැවති ආරම්භක තරඟයේදී සුපිරි පිතිහරඹයක නිරත වීමට කුමාර් සංගක්කාර සමත් විය.

කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන්ද ජෙමිනි ඇරබියන්ස් කණ්ඩායම නියෝජනය කරති.

මෙම තරඟයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කළේ දජෙමිනි ඇරබියන්ස් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ජෙමිනි ඇරබියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 3ක් දැවී ලකුණු 234ක් රැස් කළහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර පන්දු 43කදි රැස් කළ ලකුණු සංඛ්‍යාව 86ක්. ඊට හයේ පහර 7ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

ලකුණු 235ක ඉලක්කයක් හඹාගිය ලිබ්රා ලෙජන්ඞ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 156කි.

මුත්තයියා මුරලිදරන් ලකුණු 27 කට කඩුලූ 2ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විය.

මෙම තරඟයේ වීරයා සම්මානය කුමාර් සංගක්කාරට හිමී විය.