FAST NEWS

24×7 Around the Globe

ඔත්තුකාර ගිජුලිහිණියා අත්අඩංගුවට.

දකුණු ලෙබනනයේ බින්ට් ජ්බෙයිල් නගර වැසියන් විසින් අංකනය කළ ගිජුලිහිණියකු අල්ලාගෙන ඇත.

ඔවුන් පවසා ඇත්තේ ඊශ‍්‍රායල ට‍්‍රාන්ස්මීටරයක් සහිත මෙම පක්‍ෂියා ඔත්තු සේවා කටයුතු සඳහා යෙදවූවකු බවයි.

ලෙබනන දේශසීමාවෙන් කිලෝමීටර් කිහිපයක් රට තුළට පැමිණ සිටියදී මෙම ඔත්තුකාර ගිජුලිහිණියා අල්ලාගෙන ඇතැයි පැවසේ.

ගාසා තීරයට එපිට මුහුදේ ඊශ‍්‍රායල චරපුරුෂ කටයුතු සඳහා යොදවා තිබූ වීඩියෝ කැමරාවක් සවිකළ ඩොල්ෆින් මත්ස්‍යයෙකු අල්ලාගත් බව පසුගිය ගිම්හානයේදී පලස්තීන හමාස් සංවිධානය පවසන ලදී.

 

fsfs-3