FAST NEWS

24×7 Around the Globe

මිස්ටර් බීන්ගේ පවුලේ හිනාව මැකී යයි.

ලොකු පොඩි සැමගේ මුහුණට හිනාවක් ගෙනාපු කෙනෙක්නේ මිස්ටර් බීන් එහෙමත් නැත්නම් රෝවන් අට්කින්සන් කියන්නේ. ඒ මිස්ටර් බීන්ගේ පවුලේ අයගේ මුහුණ තිබුනු හිනාව නම් දැන් මැකිලා ගිහින්. ඒකට හේතුව තමයි මිස්ටර් බීන් ඔහුගේ බිරිද වන සුනෙත්‍රා සස්ට්‍රිගෙන් වෙන්වීම එහෙමත් නැත්නම් දික්කසාදවීම.

වයස අවුරුදු 60ක් වන මිස්ටර් බීන් සුනෙත්‍රාව කසාද බැදලා මේ වෙන කොට අවුරුදු 24ක් විතර වෙනවා.

මිස්ටර් බීන්ගේ කසාද දෙදරා යන්න හේතුව තමයි ඔහුගේ පෙම්වතිය ලුවිස් ෆ්රෝඩ්.

ඇගේ වයස අවුරුදු 32යි. දරුවන් තුන්දෙනෙකුගේ පියෙක් වන මිස්ටර් බීන්ගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 22යි.

කොහොමහරි ඉතිං තමන්ගේ නීත්‍යානුකූල බිරිදගෙන් වෙන් වුනු මිස්ටර් බීන් දවසක් කිහිපයක් ඇතුළත බ්‍රිතාන්‍ය පවුම් මිලියන 4.65ක් වටිනා නිවසක පදිංචියට තමයි යන්න සැලසුම් කරලා තියෙන්නේ.