FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයගේ ප්‍රකාශයට දයා ගමගේ පිළිතුරු දේ.

දයා සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් කොන්ත්‍රාත් ලබාගත්තේ සුදුසුකම්වලට මිස කිසිවෙකුගෙන් ලද ත්‍යාග හෝ ප්‍රදානයන් ලෙස නොවන බව අමාත්‍ය දයා ගමගේ පෙන්වා දෙනවා.හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පළ කළ අදහස් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කොළඹ සංවර්ධන ව්‍යාපෘතියේ පළමු කොන්ත්‍රාත්තුව දයා ගමගේ අමාත්‍යවරයාට ලබාදුන් බව ප්‍රකාශ කර තිබුණා.ඊට පිළිතුරු දෙමින් නිවේදනයක් නිකුත් කළ අමාත්‍යවරයා පවසා සිටින්නේ දයා සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතන සඳහා කොන්ත්‍රාත් හිමිවූයේ විධිමත් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඒ සඳහා තරගකාරීව සහභාගි වී අවශ්‍ය සුදුසුකම් නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් බවයි. ටෙන්ඩර් ලබාගෙන ඇත්තේ කුමන ආණ්ඩුවක් යටතේ වුවද නිසි සුදුසුකම් සපුරන ඉල්ලුම්කරුවන් වෙනුවෙන් අවස්ථාවන් හිමිවීමේ නීතිය අනුව එම කොන්ත්‍රාත් හිමිවූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.