FAST NEWS

24×7 Around the Globe

තරුණියකට ලිංගික අතවර කළ සෙබලා අත්අඩංගුවට.

සේවය අවසන්කර නිවසට යමින් සිටි තරුණියකට ලිංගික අතවර සිදු කිරීමට උත්සහ කළ බව කියන යුධ හමුදා බුද්ධි අංශ සෙබළකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකායේ සේවය කරන යුධ හමුදා සෙබළෙකු වන අතර ඔහු නවගත්තේගම – මීවැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මීවැල්ලාව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අදාළ තරුණිය පසුගිය 26 වැනිදා සවස 6.30 ට පමණ නවගත්තේගම නගරයේ සිටින විට පැමිණි සැකකාර යුධ හමුදා සෙබලා තමන්ගේ අතින් ඇද ලිංගික අතවර කිරීමට උත්සහ කළ බව නවගත්තේගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සිදු කරන ලද විමර්ශණයකින් පසුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ආණමඩුව දිසා අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර නවගත්තේගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.