FAST NEWS

24×7 Around the Globe

සංගා,මහේලට නගර සභාව නීතිමය පියවර නොගත්තේ මෙන්න මේ නිසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කීර්තිමත් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද ‘Live Events’ සමාගම මගින් සංවිධානය කරන ලද Enrique Iglesias ගේ කොළඹ පැවැති ‘Sex and Love’ සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්විය.

එම ප්‍රසංගය හේතුවෙන් කොළඹ මහ නගර සභාවට ලක්ෂ 300 ක බදු ආදායමක් අහිමිවී ඇති බවත් එම මුදල සති දෙකක කාලයක් තුල ගෙවා දමන ලෙසත් “Live Events” ආයතනයට කොළඹ මහා නගර සභාව විසින් දැනුම් දී තිබුණි. බදු මුදල් ගෙවනතෙක් “Live Events” ආයතනය අසාදු ලේඛණ ගත කිරීමටද කොළඹ මහා නගර සභාව කටයුතු යොදා තිබුණි.

කොළඹ මහා නගර සභාව සහ “Live Events” ආයතනයේ සංවිධායකයන් අතර පැවැත්වූ සකච්ඡා වට කිහිපයකින් පසු රුපියල් ලක්ෂ 300 ක හිඟ බදු මුදල් ගෙවා දැමීමට සංවිධායකයන් එකඟව තිබේ. ඔවුන් විසින් බදු මුදල් ගෙවා දැමීමට එකඟ වූ හෙයින් එම සමාගමට එරෙහිව නීතිමය පියවර නොගැනීමට කොළඹ මහ නගර සභාව තීරනයකොට තිබේ.