FAST NEWS

24×7 Around the Globe

ඩලස් බ්‍රසියර් ගාංචුව ගලවන්න උදව් වුන හැටි ගැන දයාසිරිගෙන් ප්‍රකාශයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාතාවගේ තනපට ගලවා සිරිකොතට විසි කරලා යනුවෙන් ප‍්‍රකාශයක් කරන ඩලස් අලහප්පෙරුම මහතාත් එහි හක් (ගාංචුව) ගලවන්නට උදව් වුණා යැයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රී.ල.නි.පයේ පිරිසක් ආණ්ඩුව හා එක් වූයේ යට ඇදුම් ගැලවීමට නොව රට වෙනුවෙන් පක්‍ෂය ගත් තීරණයක් අනුව බව ද ඇමතිවරයා කීවේය.

එම තීරණය ගත් අවස්ථාවේ එයට කැමැත්ත පළ කර ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයාත් අත ඉස්සූ බව කී දයාසිරි ජයසේකර මහතා විරුද්ධ වූයේ කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා පමණක් බව ද සදහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ඩලස් අලහප්පෙරුම මහතා කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.