FAST NEWS

24×7 Around the Globe

කෝපිකඩේ සුසිලා(එන්සිනා) දැඩි සත්කාර ඒකකයේ.

වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය නිළි සුසිලා කූරගම බරපතළ ලෙස රෝගාතුරවී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

කෝපිකඩේ “එන්සිනා” චරිතයෙන් රසික රසිකාවින් අතර ජනප්‍රියත්වයට පත් සුසිලා එළාර දුටුගැමුණු, හේමමාලි, සරදියෙල් ආදී ඓතිහාසික නාට්‍යවලින් වේදිකා රංගනයට පිවිස “දිපාංජලී” චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පිවිසියාය.

අනතුරුව ගිම්හානේ ගීනාදේ, රත්නා, මුවන්පැලැස්‌ස, අජාසත්ත, වෙඩි වගේ වැඩ, සමගින් චිත්‍රපට හැටක පමණ චරිත නිරූපණය කළාය.

සරපිනාගේ වළව්ව, දියසේන, උපදින්න සකුන්තලා, රොඩී කෙල්ල නාට්‍ය නිෂ්පාදනය කරමින් ඇය නිෂ්පාදකවරියක්‌ ලෙසද කටයුතු කළාය