FAST NEWS

24×7 Around the Globe

විවාහ දෙකක් කර නොගතොත් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරඳඬුවමක්.

ලෝකයේ බොහෝ දෙනෙකුට නීතියෙන් එක් විවාහයක් කර ගැනීමට පමණක් අවසරය හිමිව තිබෙනවා.

එහෙත් එරිත්‍රියාවෙන් මීට අදාළ අලුත්ම ආරංචියක් වාර්තා වනවා. අනිවාර්යයෙන්ම පිරිමියෙක් අඩුම තරමින් විවාහ දෙකක් කරගත යුතු බවටයි එරිත්‍රියා රජය නීතියක් පනවා ඇත්තේ.

එසේ නොකළහොත් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරඳඬුවමක් විඳීමට ඔවුන්ට සිදු වනවා. එමෙන්ම තවත් විවාහයක් කර ගැනීමට තම සැමියාට ඉඩ නොදෙන බිරිඳකටද ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර තිබෙනවා.
කසාද දෙකක් සිදු කර ගන්නා පිරිමින් වෙනුවෙන් විවාහ මංගලෝත්සවය සඳහා යන වියදම රජය විසින් දරනු ලැබීම සුවිශේෂත්වයක්. ඔවුන්ට නිවාස පහසුකම් ලබාදෙන බවටද එරිත්‍රියා රජය සහතික වී තිබෙනවා.

එරිත්‍රියා රජයේ මෙම නව නීතියට හේතු වී ඇත්තේ එරට පිරිමි ජනග්‍රහණය අඩුවීමයි. 1998 – 2000 අතර කාලයේදී ඉතියෝපියාව සමග පැවැති සිවිල් යුද්ධයේදී එරිත්‍රියානු සොල්දාදුවන් 150,000 කට වැඩි පිරිසක් මිය ගියා. මේ වන විට එරිත්‍රියාවේ ජනග්‍රහණය ලක්ෂ 65 ක් පමණ වනවා.

erit-MMAP-md-1024x721IMG-20160126-WA0023