මිනිසාගේ පරිණාමයේ සිට පිරිමියාට උරුම වී ඇති විශේෂ ලක්ෂණයක් වනුයේ ඉතා ඉක්මනින් ලිංගික උත්තේජනයකට පත්වීමය. ඒ නිසා කාන්තාවකට මෙන් නොව පිරිමියකුට ලිංගික හැගීමක් මතු වූ විට ඉතා ඉක්මනින් ලිංගික උත්තේජනයක් ඇති වේ.
පිරිමියකු ලිංගික උත්තේජනයට පත්වූ විට දැකිය හැකි ලක්ෂණය වන්නේ ඔහුගේ ශිෂ්ණය ප්රාණවත්වීමය. ඒ සමගම වෘෂණ කෝෂද ඉහළට ගොස් ශක්තිමත් වේ. මෙය ලිංගික හැඟීමක් ඇති වී තත්ත්පර 30 ක පමණ කෙටි කාලයකදී ඇති විය හැකිය. මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්විය හැකිය. වයසින් වැඩිවීමකදී ලිංගික උත්තේජනයකදී ශිෂ්ණය ප්රාණවත්වීම සඳහා ගතවන කාලය වැඩිවිය හැකිය.
එසේම වයසින් මුහුකුරා යන පුද්ගලයනට ලිංගික උත්තේජනය ඇතිකර ගැනීම සඳහා සිතිවිලි මෙන්ම ස්පර්ශයද අවශ්‍ය වේ.
පිරිමියකු ලිංගිකව උත්තේජනයට පත්ව ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත් වූ විට ශිෂ්ණය කෙලවර තෙත්වීමක් ඇති වේ. මෙම තෙත්වීම සිදුවන්නේ ලිංගිකව එක්වීම සඳහා පහසු කරන ලිහිසිකාරක තරලයක් පිටවීම නිසාය. එය ආවර්ණය තරලයකි.
මෙය ශුක්‍රාණු පිටවීමක් නොවුණත් මෙම තරලයෙහි ශුක්‍රාණු කිහිපයක් තිබිය හැකිය. එනිසා ගැබ් ගැනීමක් අපේක්ෂා නොකර ලිංගිකව එක්වන විට නිසි උපත් පාලන ක්‍රම අනුගමනය කළ යුතුය. මෙම තරලයේ ඇති ශුක්‍රාණුවක් කාන්තාවගේ යෝනි මාර්ගයට එක් වුවහොත් ගැබ් ගැනීමක් ඇති විය හැකිය. ඒ නිසා ලිංගිකව එක්වීමේදී පිටවන ශුක්‍රාණු යෝනි මාර්ගයට යැම වළක්වා ගැනීමෙන් පමණක් අනවශ්‍ය ගැබ්ගැනීමක් වළක්වා ගත නොහැකිය.
ශුුක්රාණු පිටවීම
ලිංගිකව එක්වීමේදී ශුුක්රාණු පිටවීම සඳහා ගතවන සාමාන්‍ය කාලය ලෙස පවසන්නේ විනාඩි 05 ත් 06 අතර කාලයකි. එහිදී පිටවන ශුුක්ර තරලයේ ප්‍රමාණය ශුුක්රතරලය පිටනොවී තිබූ කාලය සහ ලිංගික උත්තේජනය අනුව ප්‍රධාන වශයෙන් තීරණය වේ. එසේම ලිංගිකව එක්වන ආකාරය අනුව ශුුක්රාණු පිටවන කාලය පමා කරගත හැකිය.
යම් පුද්ගලයකුට ලිංගිකව එක්වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුුක්රාණු පිටවේ නම් එය නිතර නිතර සිදුවනවා නම් සහ මෙම තත්ත්වය නිසා මානසික පීඩාවක් ඇති වේ නම් එහිදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
එසේ නොමැතිව යම් තැනැත්තෙක් එම කාලය තුළදී ශුුක්රාණු පිටවීමෙන් වුව තෘත්තිමත් වේ නම් එය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් නොවේ.
විනාඩියකටත් අඩු කාලයකදී ශුුක්රාණු පිටවේ නම් එය පාලනය කරගත නොහැකි තත්ත්වයක් නම් සහ ඉන් ලිංගිකව එක්වන දෙදෙනාටම මානසික ගැටලූවක් මතුවේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.
ශුක්‍රාණු පිටවූ පසු
පිරිමියකුට ශුුක්රාණු පිටවූ පසු ශිෂ්ණයේ ප්‍රාණවත් බව අඩුවී යයි. වහාම යළි ලිංගික උත්තේජනයක් ඇති නොවේ. ඒ සඳහා යම් කාලයක් ගතවේ. මෙම කාලය වයස අනුව තීරණය වේ.
යොවුන් වියේදී මෙය පැය භාගයක් පමණ කාලයකදී පමණ සිදුවිය හැකිය. වයසට යන විට මෙම කාලය දීර්ඝ වේ. ඇතැම් දෙනාට දින ගණනක් ගතවිය හැකිය.
-ලිංගික ගැටලූ පිළිබද විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ-
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.