FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ වෙනමම ස්ථානයකට ඇයි?

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වනවිට කොළඹ වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටිති.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසුවේ උන්වහන්සේ වෙනම ස්ථානයක රදවා ඇති බවයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ ඇස ගැටෙන වෙනත් රැදවියන් නොමැති විශේෂ ස්ථානයක් ඥාණසාර හිමියන්ට ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

බන්ධනාගාරගතව සිටින එල්.ටි.ටි.ඊ. සැකකරුවන් ගෙන් හා මුස්ලිම් අන්තවාදීන් වෙතින් උන්වහන්සේගේ ජිවිතයට අනතුරක් වීමට ඉඩ ඇතයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණ.

එය සැලකිල්ලට ගෙන ඇති බන්ධනාගාර නිලධාරීන්, උන්වහන්සේව බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට යෝජනා කර තිබුනද උන්වහන්සේ එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

උන්වහන්සේ වෙනම ස්ථානයක රදවා ඇත්තේ ඉන් අනතුරුවය.