FAST NEWS

24×7 Around the Globe

යෝෂිතට රුපියල් ලක්ෂ 220ක් වැය කල හේතුව හෙළි වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ විදෙස් නාවික හමුදා පුහුණුවීම් හතරක් සඳහා රුපියල් ලක්ෂ 220ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වසර 2007 – 2010 කාලසීමාව අතරදී යුක්රේනයේ එක් පුහුණුවක් සඳහා හා බ්‍රිතාන්‍යයේ පුහුණුවීම් පාඨමාලා තුනක් සඳහා මෙම වියදම දරා ඇතැයි ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව  පාර්ලිමේන්තුවේදී පැවැසීය.