FAST NEWS

24×7 Around the Globe

කෝලිගේ සුපිරි පිතිකරණයෙන් ඔස්ට්‍රේලියාවට විස්සයි විස්ස පරාජයක්.‍

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරඟ 3කින් සමන්විත පන්දුවාර 20-20 තරඟාවලියේ  පැවැති පළමු තරඟයෙන් ලකුණු 37ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.

ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් හි පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 3ට ලකුණු 188ක් රැස් කළ අතර එහිදී විරාට් කෝලි පන්දු 55දී ලකුණු 90ක් ලබාගත්තේය.

පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19.3දී ලබාගත හැකිවුයේ ලකුණු 151ක් පමණි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ආරොන්ච් ෆින්ච් ලකුණු 44ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි විය.