FAST NEWS

24×7 Around the Globe

තිරිමාන්නගේ කෲසේඩර්ස් පරදා ඩිල්ෂාන්ගේ ටෲපර්ස්ට කඩුලු 07ක සුපිරි ජයක්.

අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රීකට් තරඟාවලියේ දෙවන තරඟය වු ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් කැන්ඩි කෲසේඩර්ස් සහ තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට ටෲපර්ස් කණ්ඩායම අතර තරග අද ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වීණි.

කාසියේ වාසිය දිනාගත් හම්බන්තොට ටෲපර්ස් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කෲසේඩර්ස් සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 114ක් රැස් කර ගත්හ.

ලකුණු 115ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය හම්බන්තොට ටෲපර්ස් පන්දු වාර 13 යි පන්දු 5 කදී කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 117 ක් රැස් කරමීන් සිය ජයග්‍රණය තහවුරු කර ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව පහතින්.

Capture 1111

Capture 222