FAST NEWS

24×7 Around the Globe

වෙනත් පක්‍ෂ බිහිකළොත් ශ‍්‍රිලනිප සාමාජිකත්වය අහෝසි වන බව මහින්ද පවසයි.

වෙනත් පක්‍ෂ බිහි කිරීමට කටයුතු කරන ශ‍්‍රිලනිප සාමාජිකයින්ගේ සාමාජිකත්වය පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඉබේම අහෝසි වන්නේ යයි ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

‘ශ‍්‍රිලනිපයේ පළාත් පාලන නියෝජිතයින් ඉන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමගයි. අප උත්සාහ කරන්නේ ඉදිරි මැතිවණයේදී ශ්‍රීලනිපය එකට එකතු වී ජයග‍්‍රහණය කිරීමටයි.

කවුරු හරි වෙනම පක්ෂයක් හදන්න උත්සාහ කරනවා නම් එය එජාප උවමනාවයි. අප හැමදාම රජයට එකතුවී ඉන්නේ නැහැ. කවදාහරි වෙනම තරග කර ශ්‍රීලනිප රජයක් බිහිකර ගන්නවා’ යයිද ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.