FAST NEWS

24×7 Around the Globe

මෙරට විදුලි දුම්රිය ඇති කිරීමේ පළමු දුම්රිය මාර්ගය තොරා ගැනේ.

මෙරටට විදුලි දුම්රිය හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් ආචාර්ය සුරේන් බටගො‍ඩ මහතා පැවසුවේ, ප්‍රවාහන අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ විදුලිබල මණ්ඩලය හා එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය.

එහි පළමු අදියර යටතේ පානදුර සිට වේයන්ගොඩ දක්වා දුම්රිය මාර්ගය විදුලිකරණය කිරීමට පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කළේ ය