FAST NEWS

24×7 Around the Globe

මදුරුවා හරහා ‘සිකා’ (Zika) වෛරසය පැතිරී යයි.

උපතේ දී ඇති වන ආබාධිත තත්වයන් හා සම්බන්ධ ‘සිකා’ (Zika) වෛරසය කැනඩාව සහ චිලී රාජ්‍ය හැර ඇමරිකානු මහද්වීපය පුරා පැතිර යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

මදුරුවන් හරහා බෝ වන ‘සිකා’ වෛරසය පසුගිය වසරේ මැයි මාසයේ සිට බ්‍රසීලය තුළ සීග්‍ර ලෙස පැතිර යමින් තිබේ.

‘ඒඩස්'(Aedes) මදුරුවා හරහා ‘සිකා’ වෛරසය පැතිරෙන නමුත් පර්යේෂකයන් පවසන්නේ වෙනත් මාර්ග ඔස්සේද වෛරසය පැතිර යා හැකි බවයි.