FAST NEWS

24×7 Around the Globe

14 හැවිරිදි පාසැල් සිසුවා විදේශිකයකුට අතවර කරලා.

කුලී නිවසක රැදී සිටි විදේශිය කාන්තාවකට ලිංගික අතවර කළ බව පැවසෙන එම නිවහනේ 14 හැවිරිදි පාසැල් සිසුවෙකු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව දෙහිවල ප්‍රදේශයේ නිවසක රැදී සිටියදීයී අතවරයට ලක්ව ඇත්තේ. අනතුරුව සිසුවා පවසා ඇත්තේ තමන්ගේ ශරීරය සම්භාහනය කරන ලෙසටයි.

අදාළ කාන්තාව එය ප්‍රතික්ශේප කර තිබෙනවා. ඊට ප්‍රකෝප වු සිසුවා තමන්ට පහරදුන් බවයි විදේශිය කාන්තාව පොලිසීයට කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ. සැකකාර සිසුවාව දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.