FAST NEWS

24×7 Around the Globe

චන්දිමාල්ගේ ගාඩ්යන්ස් පරාජය කළ මීලින්දගේ කොමාන්ඩොස්ට පළමු 20 විස්ස ජය.

ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය සංවිධානය කරන පළාත් විස්සයි විස්ස තරගාවලිය අද (26) කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

එහි ප්‍රථම තරගය ලෙස ආරම්භ වු මීලින්ද සිරිවර්ධනගේ නායත්වයෙන් යුත් කලම්බො කොමාන්ඩොස් හා දිනෙෂ් වන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ගොල් ගාඩ්යන්ස් අතර තරගයෙන් කඩුලු 03 කින් ජයගහ්‍රණය කීරීමට කොමාන්ඩොස් කණ්ඩායම සමත් විය.

කාසිය වාසිය දිනාගත් කලම්බො කොමාන්ඩොස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගොල් ගාඩ්යන්ස් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකණු 162ක් ලබා ගත්හ.

සිය පිළතුරු ඉනිමට ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය කලම්බො කොමාන්ඩොස් පන්දුවාර 19 යි පන්දු 04ක් අවසානයේ කඩුලු 07ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව පහතින්……

Capture 01

Capture 02