FAST NEWS

24×7 Around the Globe

සිංහලේ ගැන ජනපති මෛත‍්‍රි මොනවාද කිව්වේ?

පසුගිය කාලයේ අන්තර්ජාලයේ සහ පෝස්ටර් ස්ටිකර් මගින් රැල්ලක් ලෙස පැතිරෙන්නට උත්සාහ කළ සිංහලේ නමැති සිවිධානය හා එම සංකල්පය පිළිබඳ තමාට කිසිම අදහසක් දක්වන්නට අවශ්‍ය නැති බවත්

එය වටිනාකමක් නැති වැඩක් බවත් ජනපති මෛත‍්‍රිපාල සිරිසේන බීබීසිය අමතමින් පවසා ඇත.

‘අප කතා කළ යුත්තේ වටිනාකමක් ඇති දේ ගැන පමණයි. මේ රටේ මහජන ඡුන්දයෙන් පත් වූ රාජ්‍ය නායකයා ලෙස කතා කළ යුත්තේ රටට වැඩක් හා වටිනාකමක් ඇති දේ ගැන මිස වටිනාකමක් නැති අයහපත් දේ ගැන නොවෙයි. අවශ්‍ය දේ මොනවාද අනවශ්‍ය දේ මොනවාද කියා සමාජය තුළ සිටින ප‍්‍රබුද්ධ කොටස් පැහැදිලිව තේරුම් ගන්නවා’