FAST NEWS

24×7 Around the Globe

අද හා හෙට තීරණාත්මක මාධ්‍ය හමු 2ක්. මහින්ද රාජපක්‍ෂ ප්‍රබල වන ලකුණු?

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ජය පරාජය තීරණය වන අතිශය තීරණාත්මක දිස්ත‍්‍රික්ක දෙකක සන්ධාන පළාත් පාලන නියෝජිතයින් අති බහුතරද අද හා හෙට දෙදින තුල මාධ්‍ය හමු පවත්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සිය සහයෝගය පල කිරීමට නියමිතය.

මෙසේ එක්වීමට නියමිතව ඇත්තේ ගම්පහ සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කයි.

ගම්පහ දිස්ත‍්‍රික්කය මෙරට වැඩිම ඡන්ද දායකයින් දෙවනියට වැඩියෙන්ම සිටින දිස්ත‍්‍රික්කය වේ.

මෙම තීරණාත්මක දිස්ත‍්‍රික්ක දෙකේ ශ‍්‍රිලනිප මෛත‍්‍රී බලය ගිලිහීම බරපතල පසුබෑමක් බව විචාරක මතයයි.