FAST NEWS

24×7 Around the Globe

ඊයේ පබාගේ විවාහය කල් ගියේ ඇයි?

ඊයේ (24)වැනිදා කොළඹ කිංස්බරි හෝටලයේ පවත්වන්නට දින නියම කරගෙන තිබුණ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ටෙලි නිළි උපේක්ෂා ස්වර්ණමාලිගේ දෙවන විවාහ මංගල උත්සවය දින නියමයක් නැතිව කල් දමා තිබෙනවා.

ඇය විවාහ වෙන්නට අපේක්ෂාවෙන් සිටියේ ව්‍යාපාරිකයෙකු සමග වන අතර අවසන් මොහොත වනතුරු ඔහුගේ නම හෙළිනොකරන්නට ඇය වගබලාගෙන සිටියා. තමාව වසර ගණනාවක සිට හඳුනන ඔහු තමා දේශපාලන වශයෙන් අසරණවූ අවස්ථාවේ ළගින් සිටි එකම පුද්ගලයා බවට උපේක්ෂා ඔහු ගැන ආදරයෙන් හැඳින්වීම් කර තිබුණා. නමුත් ඔහු ගැන මාධ්‍ය වෙත තොරතුරු ලබාදෙන්නට ඇය බියවූයේ අවස්ථා කිහිපයකම වෙනත් විවාහයන් කරගන්නට ගොස් ඒවා මාධ්‍ය මගින් හෙළි කළ පසු එම පුද්ගලයන් ඇය අතැරයාමෙන් ඇයට කරකියාගන්නට බැරිව යාමෙනි.
කලා ක්ෂේත‍්‍රයේ ආරංචි හෙළි කරන්නේ මෙම විවාහයටද ඒ සංතෑසිය සිදුව ඇති බවයි.
නමුත් උපේක්ෂා පසුගිය සතිඅන්ත පුවත්පත් අමතමින් පවසා ඇත්තේ තම මවට ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වය මත මෙම විවාහය කල්ගිය බවත් පසුදිනකට දින බලද්දී ජ්‍යොතිෂ්‍යය අනුව නැකැත් ලබාගැනීම අපහසුවූ නිසා එය පෙබරවාරියේවත් සිදු කරන්නට බැරිව කල් ගිය බවයි.පෙබරවාරිය කෝණ මාසයක් බවද ඇය කියයි.
කෙසේ නමුත් ඇය සති කිහිපයකට උඩදී මාධ්‍ය වෙත අදහස් පළකර තිබුනේ ඇය පළමු විවාහය උත්සවශ‍්‍රීයෙන් සැමරූ නිසා දෙවැන්න ඒ තරම් විශාල ආකාරයට සිදු කරන්නට අපේක්ෂා නොකරන බවත් හිතවතුන් හා තෝරාගත් කලාකරුවන් කිහිපදෙනෙකු සමග සාදයක් පමණක් පවත්වන බවත් චාරිත‍්‍රානුකූල කිසිදෙයක් කරන්නට බලාපොරොත්තු නොවන බවත්ය.
මව අසනීප තත්වයේ සිටියදී තමාට විවාහ වන්නට බැරි බව කියන උපේක්ෂා එය පවත්වන්නට දින නියමයක් නැති බවද කියා ඇත.
මින් සති කිහිපයකට උඩදී එක්තරා තරුණයෙකු ඇයට කරදර කරමින් විවාහ වෙන්නට නිවසට එන බව කියමින් උපේක්ෂා හෝමාගම පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණ අතර ඒ සම්බන්ධ වාර්තා පළවූ පසු කොමෙන්ට් හිතවතුන් පවසා තිබුනේ එසේ ආවේ ඇයට පුරුදු කෙනෙකු විය හැකි බවයි. ඇගේ විවාහය කල්ගියේද එම සිදුවීමෙන් සතියකට පසුවයි.