FAST NEWS

24×7 Around the Globe

ජනපති නියමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්විමක් ලබන 26 වනදා පැවැත්විමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම රැස්විම කැඳවා ඇති බව පක්ෂ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ලබන 26 වනදා පෙරවරු 10.00ට මහවැලි කේන්ද්‍රයේදී මෙම විධායක සභා රැස්විම පැවැත්විමට නියමිතය.

පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරිමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙයි.