ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්විමක් ලබන 26 වනදා පැවැත්විමට නියමිතව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම රැස්විම කැඳවා ඇති බව පක්ෂ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ලබන 26 වනදා පෙරවරු 10.00ට මහවැලි කේන්ද්‍රයේදී මෙම විධායක සභා රැස්විම පැවැත්විමට නියමිතය.
පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරිමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙයි.







