FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකා ශ‍්‍රිලනිප වගකීම භාර ගනී.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී තරඟ කල යුතු බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩි මතයක සිටින බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනම පක්‍ෂයක් හැදුවද එය එතරම් ප‍්‍රශ්නයක් කර ගත යුතු නැතැයි පවසා ඇති ඇය තමන් මෙම මැතිවරණයේදී ශ‍්‍රිලනිපය දිනවීම සඳහා සියළු ශක්තිය යොදවන බවද සඳහන් කර ඇත.

බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය හා බැඳුනු මහා ජනතාවක් මෙරට තුල ඉන්නා බවත් තමන් බණ්ඩාරනායක පරපුරේ උරුමය නියෝජනය කරන නිසා එම ජනතාව ආමන්ත‍්‍රණය පහසු වනු ඇතැයිද ඇය අදහස් පල කර තිබේ.