FAST NEWS

24×7 Around the Globe

උෂ්ණාධිකම වර්ෂය 2015 ලු.

මෑත කාලීනව වාර්තා වූ උෂ්ණාධිකම වර්ෂය 2015 බව ජාතික සාගර සහ වායුගෝල පාලන ආයතනය ප‍්‍රකාශ කරයි.
1880 වසරෙන් පසු වැඩිම උෂ්ණත්වය 2014දී වාර්තා වූ අතර එම වාර්තාව බිඳ හෙළමින් 2015 වසර පෙරමුණ ගෙන තිබේ. 2015 පුරා ගෝලීය සහ සාගරය මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍ය ෆැරන්හයිට් අංශක 1.62 (සෙල්සියස් අංශක 0.90 ක් වී ඇති අතර එය 20 වැනි සියවසේ සාමාන්‍යයට වඩා ඉහළ අගයකි. 1880 – 2015 අතර වාර්තා

වන ඉහළම අගය බවයි පැවසෙන්නේ.
චන්ද්‍රිකා සහ කාලගුණ මධ්‍යස්ථාන වාර්තා වලට අනුව 2015 වසර පසුගිය වසර ගණනාවක උෂ්ණත්ව වාර්තා බිඳ හෙලා ඇති බව නාසා ආයතනය ද තහවුරු කරයි. කාබන්ඩයොක්සයිඞ් සහ මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම් නිසා වායුගෝලයට නිකුත් කෙරෙන වෙනත් දුම් නිසා මෙම උෂ්ණත්ව වෙනස්වීම සිදු වී ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.
නාසා පරිපාලන චාල්ස් මෝල්ඩන් ප‍්‍රකාශ කරන්නේ අප පරම්පරාවේ ප‍්‍රධානතම අභියෝගය දේශගුණ විපර්යාස ලෙසයි. 1997 සිට සෑම වසරක්ම පෙර වසරට වඩා උෂ්ණත්වයක් වාර්තා කර ඇත. පසුගිය වසරේ පමණක් මාස 10ක්ම ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. ඉදිරියේදී මේ තත්ත්ව තවදුරටත් වැඩි වනු මිස අඩු නොවනු ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. අධික උෂ්ණත්වය නිසා අයිස් දියවීම සහ සාගර උෂ්ණත්වය ඉහළ යෑම නිසා මුහුදු මට්ටම ද ඉහළ යනු ඇති බව ඔවුන් පවසයි.