FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීවරුන්ට කෝටි 2ක රට සවාරි.

උතුරු මැද පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් ඇතුළු නිලධාරීන් හැටකට අධික පිරිසක් විදෙස් සංචාරයක් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යාමට සූදානම් වනවා.
එ් සඳහා පළාත් සභා අරමුදලින් වැය කිරීමට අපේක්ෂිත බවට පැවසෙන මුදල රුපියල් දෙකෝටි පනස් පන්ලක්ෂයක්.
මීට අමතරව එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදීමට නියමිත බවද වාර්තා වනවා.
දකුණු කොරියාවේ සිදු කරන මෙම සංචාරය අධ්‍යයන චාරිකාවක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මහජන මුදල් වැය කර මෙවැනි චාරිකාවල යෙදීමේ අවශ්‍යතාවක් නැතැයි උතුරු මැද පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ති‍්‍ර වසන්ත සමරසිංහ මහතා පැවසුවා.